‘වනඅලි ප්‍රහාර වලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් මිය යනවා’



 
 
නාලක සංජීව දහනායක

 
වන අලි ප‍්‍රහාරවලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් වාර්ෂිකව මරණයට පත්වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


රාත‍්‍රී කාලයේ පැල් රැකීම සඳහා හේනට යනවිට සහ උදෑසන නැවත නිවසට එනවිට හෝ තම වගා සඳහා වතුර හැරවීමට රාත‍්‍රී කාලයේ කුඹුරට යනවිට ගොවීන් මෙසේ වන අලි ප‍්‍රහාරවලට ලක්වන බවද අමාත්‍යවරයා කීය.


වන අලින්ගෙන් සිදුවන වගා හානිය හා ජීවිත හානිය අවම කර ගැනීම සඳහා වනජීවි අමාත්‍යංශය සහ තවත් ආයතන ගණනාවක් සමඟ සාකච්ඡා කළද කෙටිකාලීන විසඳුම් මිස ස්ථීර විසඳුම් නොලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.