‘රට පුරාම අකුණු සහ තද වැසි‘


අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිනෙන සුළං හමුවන  කලාපය) බලපෑම නිසා රට පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයිතවද එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්  සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර්. 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී  බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

95

60

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

32

25

95

75

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

30

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

95

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

33

26

80

70

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

31

21

95

70

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

22

14

95

80

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

31

23

95

75

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

33

25

95

65

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

33

24

95

75

අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

 

පෙරවුරු 5.30ට

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ඒ අවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද සඳහන් කරයි.

‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ අතර අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි. ශ්‍රීලංකාව වටා  මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.‘