(විනීතා එම් ගමගේ)
රජයේ පාසල්වල මේ වසරේ සිට ක‍්‍රියාත්මක වන 4 වසර නව නිර්දේශය සඳහා ගුරු අත්පොත් මේ වනතුරුත් ගුරුවරුන්ට ලැබී නැතත් අධ්‍යාපන ප‍්‍රකාශන අංශයේ හා පෞද්ගලික පොත් කඩවල විකිණීමට ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
රජයේ පාසල්වල ගුරුවරුන්ට ගුරු අත්පොත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නොමිලේ සපයනු ලබයි.
එහෙත් මෙම අත්පොත ජාතික අධ්‍යාපන ආයතනය මගින් අන්තර්ජාලයට එක් කරන ලදුව එයින් බාගත කරගත් පෞද්ගලික අංශයේ බොහෝ පොත්හල් එය මුද්‍රණය කර අලෙවි කරන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.
මෙම අත් පොතක් රුපියල් 540 කට ජාතික අධ්‍යාපන ආයතනය ද අලෙවි කරන බවත් නොමිලේ ලබා දීමට මේ වනතුරුත් පොත් ලැබී නැති බවත් හෙතෙම කියා සිටියේය.
නව වසරේ පාසල් ආරම්භ වු නමුත් මෙම ගුරු අත්පොත් හිඟය නිසා ඉගෙන්වීම් කටයුතුවල දී හතර වසර ගුරුවරුන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත් හෙතෙම කියා සිටියේය.
මේ පිළිබඳව වහා සොයා බලා මෙම නව නිර්දේශය වෙනුවෙන් වු අත්පොත් ගුරුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.