මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ක්‍රියා කලාපය ගැන කනගාටු වන බවත් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට ජනපතිගේ සහාය ඇත්දැයි සැකයක් පවතින බවත් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජීවිත කැපකිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති කිරීමට හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා බලය බිඳ දැමීමට කළ කැප කිරීම අපතේ යාමක් වේදෝයි සැකයක් පවතින බව කණගාටුවෙන් ප්‍රකාශ කරන බවද මහ ඇමැතිවරයා එහිදී කීවේය.