‘මුහුදු ප්‍රදේශවලට තද වැසි‘


වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආසන්නයේ පවතින බව  ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි හැකියාව තව දුරටත් පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 

රට අභ්‍යන්තරයේ  බොහෝ ස්ථානවල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණය පවසයි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා  තද වැසි  ඇතිවීමට ඉඩ ඇත.

බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේද වැසි  ඇති වේ.