ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි වැඩි වීමක් සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කිලෝ මීටර් 60- 70 පමණ දක්වා සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සවස 4.00 න් පසු දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.