(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක හා උපවාසයක යෙදී සිටින විශේෂ ගනයේ රැඳවියන්ගේ අමුත්තන්ට ඔවුන් හමුවීම අද (11) සිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාරය පවසයි.
ඒ අනුව ආහාර ලබාගන්නා විශේෂ ගනයේ රැඳවියන් 5 දෙනෙකුගේ අමුත්තන්ට පමණක් ඔවුන් බැලීමට අවස්ථාවක් ලබාදී ඇතැයි ද පැවසේ.
ඉල්ලීම් 6 ක් මුල්කරගෙන මෙම විශේෂ ගනයේ පිරිස මෙම උපවාසය ඊයේ (10) දින සිට ආරම්භ කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අමුත්තන්ට රැඳවියන් හමුවීම සඳහා දැනට අවර දී ඇත්තේ සතියකට එක් දිනයක් පමණක් බවද දැනගන්නට තිබේ.
මෙහි විශේෂ ගනයේ රැඳවියන් සඳහා ආරක්ෂිත තනි සිරකුටි 46 ක් වෙන්කර ඇති අතර, එහි දැනට 40 කට ආසන්න පිරිසක් රඳවා සිටින බවද වාර්තා වේ.