‘පීඩන අවපාතය ත්‍රීකුණාමලය ආසන්නයේ:තව දුරටත් වැසි‘


නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දැනට ත්‍රිකුණාමලය  ආසන්නයේ ස්ථාන ගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එහි බලපෑම හේතුවෙන්  ශ්‍රී ලංකාවේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්ත්වය අද රාත්‍රියේත් පවතින බව ද සඳහන්වේ. රට තුළ සහ ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශවල තද  සුළං ඇති වීමේ හැකියාව තවදුරටත් පවතී. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනය වනවිට යම් තාක් දුරකට අඩු වනු ඇතයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ  සහ නිරිතදිග කොටස්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ වර්ෂාව  බලාපොරොත්තු වේ.

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/11/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

24

95

75

විටින්විට වැසි.

මඩකලපුව

30

24

95

80

විටින්විට වැසි.

කොළඹ

29

24

95

80

විටින්විට වැසි.

ගාල්ල

29

24

95

75

විටින්විට වැසි.

යාපනය

30

24

95

85

විටින්විට වැසි.

මහනුවර

28

21

95

80

විටින්විට වැසි.

නුවරඑළිය

20

13

95

75

විටින්විට වැසි.

රත්නපුරය

31

22

95

75

විටින්විට වැසි.

ත්‍රීකුණාමළය

30

24

95

80

විටින්විට වැසි.

මන්නාරම

30

25

95

80

විටින්විට වැසි.