නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය යාපනයට කිලෝමීටර් 200 පමණ උතුරු දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ගැඹුරු පීඩන අවපාතය බස්නාහිර දිශාවට ගමන් කරන අතර අද සවස් කාලයවන විට වන විට ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතයි අනුමාණ කෙරේ.
එහි බලපෑමෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ සහ උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.