අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බොහෝ ප්‍රදේශවලට සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැඩි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.