‘පළාත් රැසකට අද ගිගුරුම් තද වැසි‘


බෙංගාල බොක්ක ආශ්‍රිත වායුගෝලයේ පවතින දැඩි  කැළඹිලි තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පළාත් රැසකට අද දහවල් කාලයේ ගිගිරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත තද වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා පවසයි. එය මිලි මීටර්150 පමණ වීමට ඉඩ ඇත.

මන්නාරම සිට කන්කසන්තරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.