ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වන බවත් බොහෝ මුහුදු ප්‍රදේශවල දහවල් 12.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.