‘පළාත් කීපයක ගිගුරු සහිත වැසි‘


සබරගමුව පළාතේ ද ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද  බස්නාහිර සහ වයඹ  පළාත්වල ද තැනින් තැන වැසි ඇතිවේ. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ද ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලින් හා නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 පමණ දක්වා වැඩි විය හැකියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බවත්, සවස 2 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී සෙසු මුහුදු ප්‍රදේශවල  ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.