‘නිරිත දිග සුළං වැඩි වෙයි‘


මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශවල සහ නිරිතදිග හා දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරෝතුවන බවත් එය පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.