ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු කිසි විටෙක විදේශිය රටවලින් ආනයනය කිරීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම පවසයි.
එමෙන්ම අවශ්‍ය සියලු ඒ සඳහා අවහ්‍ය සියලු බඩ ඉරිගු ලබා ගනුයේ දේශිය නිශ්පාදකයින්ගෙන් පමණක් බවත් සමාගම සඳහන් කරයි.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි ටෙට්ට්‍රික් ටොන් 6000 ක අවශ්‍යතාවයක් පවතින බවත් , මෙම අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මගින් වන අතර, මේ සදහා 2018 මැයි 23 දින පුවත් පත් දැන්වීම් පළ කර ජාතික තරඟකාරි ලංසු කැඳවා ඇති බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය සඳහන් කළාය.
මේ වන විට ඒ සියලු කටයුතු අවසන්ව ඇතැයිද හෙතෙම සඳහන් පැවසුවාය.
දේශීය බඩ ඉරිඟු වගාවේ නිරත ගොවීන්ගේ ආර්ථීකය නගා සිටුවීම මෙම ටෙන්ඩරය පිරිනැමීමේ පදනම ලෙස සළකා ක්‍රියා කර ඇති බවද, ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එම ලංසුව සමග දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනිමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොඟ වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාම ලේඛණය සහ ගොවි සංවිධානවල නාමලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇති බවද සඳහන් කළාය.
බඩ ඉරිඟු තොඟ පිට රටින් ආනයනය කිරීම සදහා කැබිනට් තීරණයයක් ගෙන නොමැති බවත් පැවසු ඇය “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි ඇති නිසා එවැනි දෑ සිදු වන බවට ඇතැම් පාර්ශව නගන චෝදනා අසත්‍ය බවත් සඳහන් කළාය.
(36698)