ලංකාදීප මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ ‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ කාව්‍ය සංග්‍රහය සහ නව ගීත ද්විත්වය හඳුන්වාදීමේ උත්සවය අද (27) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහි මුලසුන ලංකාදීප ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතා විසින් හොබවනු ලැබූ අතර ප්‍රවීණ කවියකු වන බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හංසමාලා රිටිගහපොළ මහත්මිය එහිදී දෙසුම් පැවැත්වූහ.
සුජිත් ප්‍රසංග රචනා කළ ගායිකා සුභානි හර්ෂණී ගායනා කරන ‘මේ අහන්න ශ්‍රී වික්‍රම‘ හා විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ‘හීන් වැහි පොදේ තෙමි තෙමි‘ යන ගීත එහිදී ගායනා කෙරුණු අතර ප්‍රවීණ කවි කිවිඳියන් රැසක් ද මාධ්‍යවේදීන් ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.