‘ඡන්දේ වාසිය රනිල්ටයි : මහින්දටත් යම්කිසි බලයක්‘


එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වන බවත් ජ්‍යෙතීර්වේදී යෝගී සුජිත් නිශාන්ත මහතා පවසයි.

ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි ඡන්ද බලයක් ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ ආසනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත්ය.

තමා කිසිම පක්ෂයට ගැතිව අනාවැකි පළ නොකරන බවත් මෙතෙක් පළ කළ අනාවැකි කිසිවක් අසත්‍යවී නැති බවත් යෝගීවරයා සඳහන් කළේය.

(විශේෂ - ඕනෑම ජ්‍යෝතීර්වේදියකුට තම අනාවැකි පළ කළ හැකි බව සලකන්න. ඔබේ අනාවැකිය ඔබේ දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. [email protected]. නැත්නම් ෆැක්ස් කරන්න. (ලංකාදීප වෙබ් අඩවිය සඳහා යැයි පිටුවේ ඉහළින් ලියන්න) 011 24 79 245)