‘ඒලෙවල් ළමයින්ට සරසවියෙන් හරි ලෙවල් නෑ‘


 2014 උසස් පෙළ විභාගය පවත්වා වසරක් ගත වුව ද  නව අධ්‍යයන වර්ෂය සඳහා සරසවි වලට  නවක සිසුන් බඳවා  ගැනීම ප්‍රමාද කිරිම කණගාටුවට  කරුණක්  බව ලංකා  ගුරු  සංගමයේ සභාපතී  ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

දැනට  වසර  කීපයක සිට සරසවි  වලට  සිසුන් ඇතුළත්  කර ගැනීම වසරකට  වඩා  කල්  ගත කිරිම සිසුන්ටත් දෙමාපියන්ටත් සිදු කරන   අසාධාරණයක් බව ද ඔහු කියයි.

දෙවැනි වර හෝ තෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ නිසා දැඩි අපහසුතාවන්ට ලක් වන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.