එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් ඇතැයි ජ්‍යෝතිර්වේදී ධනුෂ්ක අබේරත්න මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) ලිපියක් එවමිනි.
ඉදිරි ඡන්දයේ වැඩි වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව කියන අප වෙත ලැබුණු පළමු ජ්‍යෝතිෂ්‍ය ලිපිය මෙයයි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
"සෙනසුරු ග්‍රහයා සිය වක්‍ර ගමන අවසන් කරමින් සදුදා (03/08/2015) නිර්වුත තත්වයට පත් විමත් සමග සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙනසුරු නැවත බලවත් වී තිබේ. මේ තත්වය ජනතාවගේ සිතිවිලි වෙනස් කිරීමට හේතුවන නිසා මේ වන විට පවතින ජන මතය ක්‍රමයෙන් වෙනස් විය හැකි බව පෙනෙන්නට තිබේ. මේ තත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබූ ඡන්ද පදනමට එතරම් බලපෑමක් නොවන නමුත් පවතින රජයේ ඡන්ද පදනමට එතරම් සුබ දායක තත්වයක් පෙන්වන්නේ නැත. කෙසේ නමුත් ඡන්දය සඳහා ඇත්තේ ඉතා සීමිත දින ගණනක් බැවින් මහින්ද පිලට මෙයින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයක් බව පෙනෙන්නට තිබේ.
මේ අතර තවත් විශේෂ පිහිටිමක් වන්නේ ඡන්ද දිනය පසු වන තුරුම රාජ්‍ය කාරක රවී රෝගස්ථානයේ තැම්පත්ව සිටිමින් නීච කුජ ග්‍රහයා සමග සංයෝගව කුජගෙන් පිඩාවට ලක්වීමයි. කුජ ග්‍රහලොව සෙන්පතියා වුවාට නීච වූ කුජ සෙන්පතියෙක්ට වඩා මැරවරයෙක් ලෙස ක්‍රියා කරයි. කුජ ග්‍රහයා නීච රාශියට ඇතුළු වුයේ පසුගිය මස 31දාය (31/06/2015). පළමු වෙඩි මුරය රවී කරුණානායක මහතාගේ ජන්ද වැඩ සඳහා සහභාගි වූ පිරිස වෙත එල්ල වුයේ එදිනය. මේ අනුව ඡන්දය පවතින තුරුම පාතාලය පිලිබඳ ප්‍රවෘත්ති වලින් අඩුවක් නොවන බව පෙනෙන්නට තිබේ. මෙයින් පිඩාවට පත්වී තිබෙන්නේ රාජ්‍ය කාරක රවි ග්‍රහයා වීම නිසා මෙවැනි සිද්ධි සියල්ලෙන්ම පවතින රජය අපහසුවට පත් වන අතර එහි ජන්ද පදනමට හානි සිදුවෙන බව පෙනෙන්නට තිබේ.
මේ සියලුම තත්ත්වයන් මත ඉදිරී දින කීපය තුල රජයේ ඡන්ද පදනම අවදානමට ලක්වීමට ඉඩ ඇති බවටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට වාසි සහගත විය හැකි බවටත් පෙනෙන්නට තිබේ. මේ සති දෙක තුල මහින්ද පාර්ශ්වය මෙම තත්වයෙන් කොතරම් ප්‍රයෝජන ගනීද, රජය මෙම අවස්ථාවට කෙසේ මුහුණ දෙයිද? එය ප්‍රශ්නාර්ථයකි.
ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක, වෛදික ජ්‍යොතිෂවේදී ධනුෂ්ක අබේරත්න
(විශේෂ - ඉදිරි මහ මැතිවරණය ගැන ජ්‍යෝතිෂ්‍ය මත ඇතොත් දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. [email protected])