ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කැරුණු වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය හෙවත් ‘ස්වර්ණ පුස්තක සම්මානය 2016’ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
එහිදී 2015 වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත ‘අහම්බකාරක’කෘතිය තේරුණු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ප්‍රවීණ ලේඛක සහ ජෙයෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක මහතා විසින් ලියනගේ අමරකීර්ති මහතාට 2016 ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමූහ.
අවසන් වටය සඳහා ලියනගේ අමරකීර්ති ගේ ‘අහම්බකාරක’ , සුමුදු නිරාගී සෙනෙවිරත්න ගේ ‘දුල්වල අලංකාරේ’ , සුනේත්‍රා රාජකරුණානායක ගේ ‘කොළඹයා සහ ෂැංහයියා’ ,මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ ‘මානික්කාවත’ සහ එරික් ඉලයප්ආරච්චි ගේ ‘පරදේසි’ යන කෘතීන් විනිශ්චය මණ්ඩල විසින් තෝරා ගෙන තිබිණ.