( විනීතා එම් ගමගේ)
අලිමංකඩවලින් සියයට 95 ක්ම මිනිසුන් විසින් අසුරා ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.
දිවයින පුරා කිලෝ මීටර් 4382.6 ක් දිගැති අලි වැටවල් 263 ක් ස්ථාපිත කර ඇතත් මෙසේ අලි මංකඩ ඇසිරීම හේතුවෙන් තත්ත්වය බරපතල වී ඇතැයි ද විදුලි වැට ඉදිකිරීම හා නඩත්තුව පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස වනජීවි නිලධාරින්ට හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට එහි දී උපදෙස් දුන් බව ද සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් විදුලි වැට නඩත්තුවට ප‍්‍රමුඛතාවක් දීමට අදාල නිලධාරින්ට උපදෙස් දුන් බවත් ඒ සහා යොදා ගන්නා ලී කණුවල ගුණාත්මක භාවය හා ප‍්‍රමිතිය පවත්වා ගැනීමටත් වෙනත් ආදේශක පිළිබඳ සොයා බැලීමට අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යංශය භාර ගැනිමෙන් පසු ඉකුත් 15 වැනිදා එහි නිලධාරින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම උපදෙස් දුන් බව ද ඔහු කියා සිටියේය.
විදුලි වැට නඩත්තුව හා ඉදිකිරීම වෙනුවෙන් දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන උපකරණ, විදුලි වැටවල් සඳහා සැපයීමේ දී සිදුවන ප‍්‍රමාදයන් ගබඩා පහසුකම් ප‍්‍රවාහන දුෂ්කරතාවන් අවම කරමින් සේවාව කඩිනම් කිරීම සඳහා නිලධාරිවරයාගේ සිට ප‍්‍රාදේශිය ලේකම්වරයා දක්වා දැනුවත් කර කමිටු පිහිටුවීමට යෝජනා කළ බව ද හෙතෙම සඳහන් කළේය.
සේවක ගැටළු හඳුනාගෙන අවම කිරීමත් පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගැනීමත් පිළිබඳව අවධානය යොමු කළ බව කී අමාත්‍යවරයා වනජීවි කලාප වල සේවය කරන සිවිලි ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් ගේ ගැටළු පිළිබඳව ද අවධානය යොමු කළ බව කීය.