ශ්‍රි ලංකාව හා අවට මුහුදු ප්‍රදේශ වල පවත්නා සුළං සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (19) සවස් කාලයේ ගිගුරුම් සහිත කාලගුණ තත්ත්වය වර්ධනය වේ.
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව පලාත් වල සහ වයඹ පළාතේ සමහර කොටස් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි ද ඇති විය හැක
අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක, විශේෂයෙන් සවස 03.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ශ්‍රි ලංකාව වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 70-80 පමණ දක්වා ඉහල යා හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.