‘අද සහ හෙට මුහුදේ තද සුළං‘


ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල අද (11) සහ හෙට (12) විටින් විට පැයට කිලෝ මීටර් 50 -60 අතර තද සුළං හමන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ධීවර ප්‍රජාව ප්‍රවේසමෙන් සිටින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගාල්ල සිට හම්බන්‍‍‍තොට හරහා පොතුවිල්  දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 -70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ‍

රට අභ්‍යන්තර ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

85

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

33

25

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

80

60

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

28

25

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

යාපනය

31

28

75

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

19

90

60

වැසි ස්වල්පයක්

නුවරඑළිය

21

12

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

32

23

95

60

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

36

26

     80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

26

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත