‘අද කොළඹට වැසි‘


කොළඹ දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අනෙකුත්  ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටන් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර සවස 2.00 න් පසු දිවයින වටා බොහෝ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.