අතුල පී බණ්ඩාරනායක
පුත්තලම සිට කුරුණෑගල නගරයට හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයකු මාස්පොත ප්‍රදේශයේ දී පරික්ෂා කිරිමේ දී මෙරට නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් හා හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කුරුණෑගල කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පුත්තලම සිට කුරුණෑගල නගරයට බස් රථයෙන් ගමන් කළ සැකකරු මාස්පොත පන්සල අසලදී බිමට බස්වාගෙන පරීක්ෂා කිරිමේ දී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කලක් තිස්සේ පුත්තලම සිට කුරුණෑගලට හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවට ප්‍රශ්න කිරිම්වලදී හෙළි වී තිබේ.