(සංජය මදුශාන්)
හබරණ ප්‍රදෙශයේ පවත්වාගෙන ගිය ෆේස්බුක් මත්පැන් සාදයක් වටලා කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අද(22) අලුයම අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හබරණ පොලීසිය කියයි.
හරබණ වැව් ඉස්මත්තේ පිහිටි ලැගුම් හලක ඉකුත් දා රාත්‍රියේදී මෙම මත්පැන් සාදය පවත්වාගෙන ගොස් ඇති අතර අද අලුයම වනතෙක් මෙම සාදය පවත්වාගෙන ගොස් ඇති බව හබරණ පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් අය අතර 29 හැවිරිදි, කුරුණැගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වන අතර අනෙකුත් පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ,කැකිරාව,ත්‍රිකුණාමලය, මාතර හා කුරැණැගල පදිංචි අවුරැදු 22-28 අතර අයය.