ළිදුල රක්ෂිතයෙන් හමුවූ මළ සිරුර අධිකරණ වෛද්‍යවරයා ට යොමුකරයි



 
 
රංජිත් රාජපක්ෂ  
                      

තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද (20) ලිදුල පොලිසියට නියෝග කළේය.

හදුනා නොගත් එම නාදුනන පිරිමි මළ සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට මෙසලෙස නියම කෙරිණි.

එම රක්ෂිතය හරහා පහළට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට  පානිය ජලය ලබාගනී.

මේ දිනවල ලිදුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟම එම රක්ෂිතය තුළ වු ජල මුලාශ සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් මළ සිරුර හමුවී ඇති අතර පසුව  පොලිසියට පැමිණිලි කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන බවත් දිගු කලිසමක් සහ ටි ෂර්ට් ඇද සිටි ඇති බව පොලිසිය පවසයි.