හෝමාගම හොර ඡන්ද කාර්යාල පොලිසියෙන් ගලවයි


හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය ආසන්නයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල දෙකක් (සන්ධානයේ හා ජවිපෙ) ඉවත් කළ බව පොලිසිය කියයි.

එම කාර්යාල ඉවත් කරන ලෙස එම පාර්ශ්වවලට දැන්වූ නමුත් ඊට අවනත නොවීම නිසා මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව ඒවා ඉවත් කළ බව පොලිසිය පවසයි.