හෝටලයක දී ජර්මන් ජාතිකයෙක් මරුට


සුමතිපාල දීයගහගේ 
 
කොග්ගල සංචාරක හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටි ජර්මන් ජාතිකයකුගේ මළසිරුර සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ආමින් කොෆේ නැමැති 62 දෙහැවිරිදි විදේශිකයෙකි. 

පසුගිය 7 වැනි දා මෙම හෝටලයට පැමිණි මොහු එහි කාමරයක නවාතැන් ගෙන ඇති අතර මොහු අසනීප කීපයකටම පානය කළ බෙහෙත් වර්ගය කාමරයේ තිබි සොයා ගෙන ඇත. 

මිය ගොස් ඇති විදේශීකයාගේ මළසිරුර කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ. මෙම විදේශිකයා හෘදයාබාධයකින් මිය යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

මියගිය ජර්මන් ජාතිකයාගේ මරණ පරික්ෂණය අද (12) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී පැවැත්විමට නියමිතය. ​