හොරොයින් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ


(පාලිත ආරියවංශ)

ඊසි කෑෂ් ක්‍රමයට ජංගම දුරකතනය ඔස්සේ  මුදල් ලබාගනිමින් හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් බදුල්ල පිංඅරාවේදී  බදුල්ල පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තීබී රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 23 ක් අඩංගු 48 ක් සොයා ගත් බව එම ඒකකයේ නිලධාරියෙකු පැවැසීය.

සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි  අයෙක් බවත් වැලිමඩ ප්‍රදේශයේ නතර වී සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.