( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ ගස් තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අද(20) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදව තේ වත්තේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත අද අලුයම 3 ට බගවන්තලාව පොලිසිය නිලධාරින් හදිසි වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලිම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හාරා ගොඩ දමා ප්‍රවහනය කිරිමට සුදානම් කර තිබු මැණික් ඉල්ලම් සහිත උර 55 ක් සහ මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බවත් , අත්අඩංගුවට ගත් සැකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, පොලිසිය කියයි.
මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.