(ජයන්ත සමරකෝන්)
ජල බිල්පත නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කර තිබූ නිවාස දෙකකට හොරෙන් ජලය ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් නිවැසියන් දෙදෙනෙකුට පිළිවෙළින් රුපියල් 5,000 බැගින් දඩ මුදලක් ගෙවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද(16) නියෝග කළේය.
මෙසේ දඩ නියමවූයේ ග්‍රෑන්ඩ්පාස් 19 පටුමගේ පදිංචි දමිත් කුමාර හා මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනාටය.
මොවුන්ගෙන් එක් අයෙකුට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කරන ලද අලාභය හා හිඟ ජල බිල්පත් ගාස්තු වශයෙන් රුපියල් 23,000ක මුදලක්ද අනෙක් පුද්ගලයාට රුපියල් 102,000 ක මුදලක්ද ගෙවීමට නියමවිය.
මෙම ගාස්තු එම මණ්ඩලයට ගෙවා රිසිට්පත් සැප්තැම්බර් 25 දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළ බව ජල වැටලීම් අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.