හොරෙන් කැපූ බුරුත දැව සමඟ පුද්ගලයෙක් අල්ලයි


(රෝවන් පෙරේරා)
 
නීති විරෝධී ලෙස කපන ලද බුරුත දැව තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 
 
මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
 

දැව කඳන් තොගය ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුක්ත බව පොලිසිය කියයි.

ඉරන ලද බුරුත ලෑලි සහ ජනෙල් උලුවහු සකස් කිරීමට අවශ්‍ය ආකාරයෙන් ඉරන ලද දැව කඳන් 251 පමණ පොලිස් බාරයට ගෙන ඇත.
 
මෙම බුරුත ලී විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් හෝ තබ්බෝව අභය භුමියෙන් හෝ පෞද්ගලික වත්තකින් කපන ලද ඒවාද යන්න පිළිබඳව සෙවීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.