හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම - තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේදී හෙරෝයින් අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 560 ක ප්‍රමාණයක් අද (19) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ මෙහොමඩ් නාසිත් , මොහොමඩ් ඉම්රාන් නැමති සැකකරුවන් දෙදෙනා පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේම පදිංචි කරුවන් බව පුත්තලම පොලිසිය කියයි.