ඞී.කේ.රත්න
තණමල්විල සෙවනගල කිරිඉබ්බන්ආර ලයිට් පාරේ පාලූ ඉඩමක තිබී යුද හමුදාව භාවිතා කරන වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (27) සොයා ගෙන ඇතයි සෙවනගල පොලීසිය පවසයි.
මෙම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව මෙම ජීව අත්බෝම්බය සෙවනගල පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙම ජීව අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සදහා සෙවනගල පොලීසිය විසින් උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම්දී තිබේ.
කිසියම් පුද්ගලයකු විසින් කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙම ජීව අත්බෝම්බය රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.
සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.