සුමතිපාල දීයගහගේ
හෙරොයින් ළග තබා ගෙන සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 5500 ක් සමඟ හික්කඩුව තොටගමුවේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.
පොලිසිය විසින් කරන ලද මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් සමඟ 51 හැවිරිදි කාන්තාවක් ද හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සමඟ 33 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනාටම හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
සැකකරු සහ සැකකාරිය අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

