(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
පුත්තලම දිසාව තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ පසුගිය සති අන්තයෙන් සිදු කරන ලද වැටලීමේ දී සැකකරුවන් හත් දෙනෙකු සමඟ හෙරෝයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 1800 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ නියෝගයක් අනුව දිසා විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.
මේ අනුව පලාවිය ප‍්‍රදේශයේ දී සංචාරක මත්කුඩු අලෙවි කරන්නන් දෙදෙනෙකු සමඟ මත්කුඩු භාවිත කරන්නන් සිව් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියයි.
මේ අතර මෙයට කලින් කිසිම දිනක නීතියේ රැහැනට කොටු කරගත නොහැකි ලෙසින් වෙන්නප්පුව සිරිගම්පොළ ජනපදයෙහි මත් ජාවාරමක් පවත්වා ගෙන ගිය ජාවාරම්කරුවෙකු ද පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්ඩංගුවට ගනු ලැබීය.