හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ 11 ක් අත්අඩංගුවට


චන්දන ප්‍රනාන්දු

 

හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු සිරිගම්පල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                                                               

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ත් 40 අතර පුද්ගලයන් 11 ක් හා කාන්තාවක් ඇතුළු පිරිසකි.

හෙරොයින් පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ගෙන් ලද තොරතුරු මත හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ හෙරොයින් ජාවාරම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් සිරදඬුවම් ලැබු අයෙක්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ජාවාරම්කරු සිරිගම්පල ප්‍රදේශයේ ප්‍රධානතම හෙරොයින් ජාවාරම්කරු බවත් මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධතා මත මෙම පුද්ගලයාටද හෙරොයින් ලැබෙන බවට තොරතුරු මත පරික්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.

මෙම සැකකරුට එරෙහිව මිනිමැරුම් චෝදනා 2 ක් සමඟ අධිකරණයේ නඩු 14 ක් තිබෙන අයෙක් බව පොලිසිය පවසයි.