ඉන්දිකා රාමනායක
පනාගොඩ ශ්‍රී මහ බෝධි විහාරය අසලදී හෙරොයින් ග‍්‍රෑම් 60 යි මිලිග‍්‍රෑම් 550 ක් සහ අත්බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය සමනළ උයන ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අයි.ඩී.නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන බවද පොලිසිය පවසයි.
සැකකරු හෙරොයින් හා අත්බෝම්බය රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මොහු රත්මලාන ප‍්‍රදේශයේ පාතාල සමාජිකයකු වන ‘අංජු’ නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු බවද පොලිසිය කියයි.
මෙම සැකකරු මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතවන්නකු බවත් කොටුවිල සයිමා නැමැත්තාගේ මත්කුඩු ජාවාරම් කරන බවත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු අද (1) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතය.