(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව රාවණාවත්ත නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 200කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක්, ජීව උණ්ඩ තොගයක් සහ ගිනි අවි දෙකක් සමඟ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවසීය.
මත්කුඩු කිලෝ 160ක්, ටී පනස් හයේ උණ්ඩ 2500ක්, පිස්තෝල ගිනි අවියක් සහ ටී පනස් හයේ ගිනි අවියක් නිවසේ තිබී සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
දියමන්ති කොල්ලයේ සැකකරු වන කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා මෙම නිවසේ සැඟව සිට ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හෙරොයින්, ජීව උණ්ඩ, ගිනි අවි සමඟ යුවළක් අත්අඩංගුවට
Recommended Articles