(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ ස්ථාන රැසකට හෙට(26)රාත්‍රී 8.00 සිට අනිද්දා(27) පෙරවරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, කොළඹ 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජලය බෙදාහැරීම අත්හිටුවන අතර, මේ හේතුවෙන් කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය ලැබීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහ කොළඹ ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.