(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හිස් පතොරම් කොපු රැසක් සමඟ ජීව උණ්ඩ දෙකක් අද (4) දහවල් සොයාගත් බව මිරිගම පොලිසිය කියයි.
දුරකථන සංඥා මාර්ගයේ කේබල් ඇදීම සඳහා අගල් කපමින් සිටී සිටි සේවක පිරිසකට මෙම පතරොම් කොපු තොගය හමුවී ඇත්තේ විජය රජදහන දුම්රිය ස්ථානයේ සිට මීරිගම දෙසට වන්නට ඇති කොළඹ දෙසට ඇති ධාවන තීරුව ආසන්නයේ තිබීය දී ය .
විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් හිස් කොපු 12 ක් හා මිලිමීටර නවයේ ජීව උණ්ඩ දෙකක් මෙහි දී සොයා ගැනිණි . තමන් සමීපයේ තබාගෙන සිටි මෙම හිස් කොපු හා උණ්ඩ පාර්සලය කිසිවකු විසින් කලකට ඉහත විසිකර දැමීමෙන් පසු වනගත ව තිබී මෙසේ හමු වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. හිස් කොපු දෙකකට ලී වලින් සැකසූ උණ්ඩ ආකාරයේ කොටස් සවිකර ද තිබෙනු දැකිය හැකි විය .
සොයා ගැනුණු හිස් කොපු හා ජීව උණ්ඩ පොලිසිය බාරයට ගනු ලැබ තිබේ.