(ප‍්‍රදීප් කුමාර)
උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැතිවරයකු වන වර්ධරාජා පෙරුමාල් මහතාට එරෙහිව අද (6) වවුනියාවේ දී ජනතාව විරෝධතාවයක් පැවැත්වුහ.
වවුනියාව තැපැල් කාර්යාලය අසළ සත්‍යග‍්‍රහයක නිරත වන අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධාතාවය සංවිධානය කර තිබිණි.
එහිදී වර්ධරාජා පෙරුමාල් මහතා අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප‍්‍රකාශ වලට විරුද්ධව මෙම පිරිස විරෝධතාවයේ නිරත වූහ.
එම පිරිස් වර්ධරාජා පෙරුමාල් මහතාගේ මුහුණ ගෝරිල්ලකුගේ සිරුරකට බද්ධකර සංස්කරණය කරන ලද ඡායාරූපයකට ඉදල් අතුවලින් පහර දෙමින් මෙම විරෝධතාවය පැවැත්විණි.