(ජේ.කේ.එල් . චාමින්ද)
වැඩ තහනමකට ලක්ව සිටින හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් මත්කුඩු සමඟ කොග්ගල සිංහ ධීවර ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු විද්‍යුත් ක්‍රමයට මත්කුඩු ජාවාරම් කිරිම සිදුකරන බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුන්රුත්ථාපන වූ අයෙකි.
මොහු සුරියවැව පොලිස් වසටම අනුයුක්තව සේවය කර ඇති අතර එහිදී පොලිස් සැරයන්වරයකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මොහුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.