අමදෝරු අමරජීව
පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද ත්‍රිකුණාමලය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ට කුකුල් පාලනය පිළිබඳව පුහුණුවක් සහ කුකුල් පැටවුන්, සත්ත්ව ආහාර හා ඖෂධ ලබාදීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් අද (10) සිදුකෙරිණි.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ වව්නියාව පුනරුත්ථාපන සම්බන්ධීකරණ මාණ්ඩලික නිලධාරි - 01 බී. බී. හර්මන් ප්‍රනාන්දු මහතා මෙම කටයුත්ත සංවිධානය කළ අතර එම අවස්ථාවට ත්‍රිකුණාමල සම්බන්ධීකරණ නිලධාරි මේජර් සමන්ත පෙරේරා මහතා ද සහභාගී විය.