( නාලක සංජීව දහනායක)
මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන්ට නිකුත් කරන පොහොර වර්ග කිසිඳු හිඟයකින් තොරව ගොවි ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්ට‍්‍රක් ටොන් 37,500 ප‍්‍රමාණයක්ද, සුපිරි පෙහොර එ.ච් මෙට්ට‍්‍ර‍්‍රක් ටොන් 1,50,000ක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්ට‍්‍රක් ටොන් 46,000ක් අවශ්‍ය වෙතැයි ගණන් බලා තිබේ.
නව රජය පත්වීමත් සමඟ පොහොර මිළ අඩුකිරීම පසුගියදා තීරණය කළහ. ඒ අනුව කිලෝ 50ක යූරියා පොහොර මල්ලක් රුපියල් 500 ද, අතුරු බෝග සඳහා ලබාදෙන කිලෝ 50ක පොහොර මල්ලක මිළ රුපියල් 1000 ද අලෙවි කරන බැවින් පොහොර සඳහා පවතින ඉල්ලූම ඉහළ යාහැකි බැවින් හිඟයකින් තොරව පොහොර ලබාදීමට කටයුතු කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දී ඇත.