හික්කඩුවේත් නාවික සෙබළු 4 ක් ඇතුළු 19 ක් නිරෝධායනයට


(ජේ.කේ.එල් චාමින්ද)
 
හික්කඩුව පොලිස් බල ප්‍රදේශය තුළ  නාවික සෙබලුන් 04 දෙනෙකු සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
 
මෙම නාවික සෙබලුන්  වැලිසර නාවික කදවුරේ රාජකාරි කර නිවාඩු ලබා නිවෙස්වලට පැමිණි සෙබලුන් බවද පොලිසිය පවසයි. මෙකි නාවික සෙබලුන් 04 දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පි. සි.ආර්. පරික්ෂණයට ලක්කොට ඇති අතර  ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද පොලිසිය පවසයි
.
 මෙකි නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල්වල  සාමාජිකයින්  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ මහතා පවසයි.