හැටන් සමනලගම කොටසක් නායයයි



(හැටන් රංජිත් රාජපක්ෂ) 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම ප්‍රදේශයේ කොටසක් අද (19) අලුයම නායගොස් ඇත.

හැටන්, සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙළඳසැල් 2ක් අතරට පස් කන්ද නාය ගොස් ඇති බවයි  හැටන් පොලිසිය කියයි.

තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක්ද නායයාමේ අවදානමක් පවතින බව සමනලගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියා සිටිති.

හැටන් සමනලගම ප්‍රදේශය නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට ඉවත් වෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.