හැටන් වෙළඳසලක් කැඩු අයෙක් සොයා පරීක්ෂණ



(රංජිත් රාජපක්ෂ)                   

හැටන් නගරයේ ප්‍රධාන විදියේ තොග සහ සිල්ලර වෙළෙදසැලක් කඩා ඇතුල් විමට උත්සහ කළ සැකකරුවෙකු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.


අද (17) අලුයම දී කුඩා යකඩ ඉන්නයකින් එම වෙළදසැලේ  ඉබි තුනක් කඩා වෙළදසැල් තුළට සැකකරු ඇතුළු විමට උත්සහ කර ඇති අතර එම ඉබි දමා තිබු කොන්ඩිපට්ටමක් හිර විම නිසා සැකකරුගේ උත්සහය ව්‍යාප්ත වි ඇත.


හැටන් නගරයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටින පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරින් එම වෙළදසැලේ තබා ඇති වේලාව සටහන් කරන පොත අත්සන් කිරිමට යාමේදි වෙළදසැල කඩා ඇති බව දැනගෙන ඒ බව  වෙළදසැල අයිතිකරුට දැනුම් දි ඇත.


හැටන් පොලිස් සුනඛ අංශයේ කොරා සුනඛයාගේ සහයෝගය සහ අවට වෙළදසැල් වල සවි කර ඇති  ආරක්ෂිත කැමරා පද්ධති වල පටිගත වි ඇති දර්ශන ඔස්සේ සැකකරු හදුනාගැනිමට ගැනිමට පොලිසිය කටයතු කර ඇත.