(සුදත් එච්. එම්. හේවා)
හැටන් පොංනගර් ප්‍රදේශයේ ලඳු කැලෑවක ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ දිනවල හැටන් ආශ්‍රිත කැලෑබිම්වල ගිනි තැබීම් වැඩි වී ඇති අතර මේ හේතුවෙන් දැඩි පරිසර විනාශයක් ද සිදු වෙමින් පවතී.
යම් පිරිසක් විසින් පොංනගර්හි ලඳු කැලෑව ගිනි තබන්නට ඇතැයි සැක කෙරේ.
හැටන් දික්ඔය නගර සභාවේ සේවකයෝ ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්හ.